නව වෛද්‍ය පත්වීම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිකර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයකට යන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙන්ම ජනතාවට තර්ජනය කර ඇති නමුත් වෘත්තීය සමිතියක් ලෙස ඔවුන්ට අධිකරණ වාරණයක් පවතින හෙයින් එවැනි ක්‍රියාමාර්ගයකට යාමට නීත්‍යානුකූල අවසරයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය අවධාරණය කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැසිරෙමින් සිටින්නේ වියරු වැටුණු මීහරක් කණ්ඩායමක් පරිද්දෙන් බවයි.

අධිකරණයේ වාරණ නියෝගයක් ද පවතින තත්ත්වයක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තර්ජන ගර්ජන කරමින් කටයුතු කරමින් හිඳින බවත් එලෙස තර්ජනය කරමින් පසුවන්නේ රටේ මහජනතාවට බවද හෙතෙම පෙන්වා දෙයි.

එලෙස මහජනතාවට එරෙහිව වැඩවර්ජනය කිරීමට ඉඩ නොදීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බව බෙල්ලන මහතා තවදුරටත් සඳහන් කරයි.

”සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා එම උසාවියටම ගිහින් මෝෂන් එකක් දාලා කියන්න මේ අයව අත්අඩංගුවට ගන්න කියල. කිසිම වෛද්‍යවරයෙක් මේකට අනේ අපොයි කියන්නේ නැහැ. හිතක් පපුවක් නැතුව තමන්ගේ බඩ වියත රැකගන්න මේ කරන වර්ජන, බොරු හේතු දාලා කරන වර්ජන වලට ඉඩදෙන්න එපා. දැන් වෛද්‍යවරු සංවිධනය වෙලා තියෙන්නේ අංශක 360කින් මේ මාෆියා සංවිධානය වටකරලා තියෙන්නේ.” යනුවෙන් බෙල්ලන මහතා ප්‍රකාශ කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *