Post Views: 363 එළැඹෙන අඟහරුවාදා (17) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තෙක් නිවෙස් වල හෝ උත්සව ශාලාවල හෝ විවාහ මංගල උත්සව පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටී.covid 19 වසංගතය පැතිරීම වැළැක්වීමේ තවත් එක් පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බව හමුදාපතිවරයා ප්‍රකාශ කරන ලදී. පසුගිය කාලසීමාව තුළ යම් යම් සීමාවන්ට යටත් කර මංගල උත්සව සිදු කිරීමට අවසර ලබා දුන්නත් බොහෝ අවස්ථාවල දී ජනතාව එකී සීමාවන් උල්ලංඝනය කිරීම හේතුවෙන් සෞඛ්‍ය අංශ බොහෝ අපහසුතාවයන්ට ලක් වූ අතර පවතින වසංගත තත්වය යම්තාක් දුරට සමනය වන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බව හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. Post navigation බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්. වෙළද සංගම් තීරණ මත නගර ගණනාවක් වසා දැමේ.