Post Views: 390 කුරුණෑගල රෝහලේ සේවය කල නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එම්.එම් ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. එමෙන්ම අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලයේදී වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට විවිධ පාර්ශව චෝදනා කළ අතර ඒ හේතුවෙන් වෛද්‍ය ෂාෆි මහතා 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංය පියවර ගෙන තිබුණි.මෙම චෝදනා මැතිවරණයක් ඉලක්ක කර ජාතිවාදී ප්‍රචාරණයක් වෙනුවෙන් පාවිච්චි කළ බවට විවේචන පැවති අතර ඒ දිනවල මාධ්‍ය තුළ විශාල පුවත් මැවූ නමුත් එම අපහසුතාවයට ලක්වූ කිසිවෙකු අධිකරණයට ගොස් අදාළ වැරදි ඔප්පු කරන්නට නොගියේය.මැතිවරණයෙන් පසු එම සංසිද්ධිය චෝදනා කළවුන්ට මෙන්ම පක්ෂග්‍රාහී මාධ්‍ය ආයතනද අමතක කර දැමූ අතර වෛද්‍යවරයා දිගු කලක් සේවයෙන් ඉවත්ව තැබීම නිසා ඔහුගේ සේවය රෝහලට අහිමි විය. අද ලැබුණ තීන්දුවෙන් පසු වෛද්‍ය ෂාෆි නැවත වැඩ අරඹනු ඇත. Post navigation රජය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම කළ යුතුයි. රාජ්‍ය ඇමති සුසිල් කියයි. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයකට,බිරියට, දියණියට නොතීසි.