Post Views: 463 ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම බරපතළ ගැටලු ගැටලුකාරී තත්ත්වයක් බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අද (15) සිරස මාධ්‍ය ජාලයේ පැවති ඉලක්කය කාලීන සංවාද වැඩසටහනට සහභාගි වෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සාකච්ඡාමය එකඟතාවයකට පැමිණීමට කටයුතු කළ යුතුයි. එසේ වුවත් ඒ සදහා පියවර ගන්නා බවක් තවමත් නොපෙනෙන බවත් අර්බුදයෙන් අර්බුදයට ගමන් කිරීම දැන්වත් නවත්වා ගැනීම කළ යුතු බවත්, සදහන් කරන ලදී. https://www.facebook.com/NewsfirstSL/videos/440152094313532/ Post navigation ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධූරය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහට. වඳ සැත්කම් ආන්දෝලනයට ලක්වූ වෛද්‍ය ෂාෆි සියලු හිඟ වැටුප් සමග යළි සේවයට.