Post Views: 431 ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මඟින් සිදු කෙරෙන විදේශීය ගනුදෙනු සඳහා වන විනිමය අනුපාතයට එකතු කරන ලද අතිරේක ගාස්තුව දේශීය බැංකු විසින් ඉහළ දමා ඇත.දැනට ඒ සදහා අදාළ වන අනුපාතය සියයට 2.5 කි. මෙම අනුපාතය සියයට 6-7 දක්වා වැඩි කිරීමට බැංකු තීරණය කර ඇති බව වාර්තා වේ.ඉහළ නැංවීමේ සංශෝධනය පිළිබඳව සමහර බැංකු සිය කාඩ්පත් හිමියන්ට දැනටමත් දැනුම් දී ඇති අතර අනෙක් ඒවා ඉදිරි දින කිහිපය තුළදී තම ගනුදෙනුකරුවන්ට දැනුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.බැංකු ආරංචි මාර්ග වලට අනුව, නව අනුපාතය සමඟ කාඩ්පත් හිමියෙකුට විදේශීය ගනුදෙනුවක් සිදු කරන සෑම අවස්ථාවකම එක්සත් ජනපද ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල් රුපියල් 222 කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වන බව මෙම බව ඊයේ (14)පලවූ ඩේලි මිරර් පුවත්පත් වාර්තාවක සදහන් වේ. Post navigation ආහාර ද්‍රව්‍ය කිහිපයක් මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් අමාත්‍ය ධූර සංශෝධනයක් සිදු කෙරේ.