Post Views: 440 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධූරය සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පත්කර තිබෙන බව වාර්තා වේ. ජගත් බාලසූරිය මහතා ඉවත් වීමෙන් පසුව පුරප්පාඩු වූ එම ධූරය සදහා ජනාධිපතිවරයා විසින් රෝහිණී මාරසිංහ මහත්මියගේ නම යෝජනා කර තිබුණු අතර පාර්ලිමේන්තු කවුන්සිලය ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම සදහා අනුමැතිය ලබා දී තිබුණි. පාර්ලිමේන්තු කවුන්සිලය නියෝජනය කරන විපක්ෂයේ මන්ත‍්‍රීවරු විසින් කොමිසමේ සභාපති ධූරය සදහා නීතීඥ ගිහාන් ගුණතිලක මහතාගේ නමත් පුරප්පාඩු ව පැවති අනෙක් තනතුර සදහා නිමල්කා ප‍්‍රනාන්දු මහත්මියගේ නමත් යෝජනා කර තිබුණි. එම යෝජනාව නොසලකා ජනාධිපතිවරයා විසින් සභාපති ධූරය සදහා විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියවත් අනෙක් සාමාජික පුරප්පාදුව සදහා පූජ්‍ය කලූපහන පියරතන හිමියන්වත් පත් කර තිබේ. Post navigation බදුල්ලේ විදුහල්පතිනියක් දණගැස්වූ නඩුවෙන් පොහොට්ටු මන්ත්‍රී චාමර සම්පත් නිදහස්. රජය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම කළ යුතුයි. රාජ්‍ය ඇමති සුසිල් කියයි.