ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සිදු කරන මහජන මන්ත්‍රණ සභාවේ දෙවැනි පියවර අද ඇහැලියගොඩදී පැවැත්වීමට නියමිතය. “යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ මෙවර “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන සැසිය” පැවැත්වෙන බව වාර්තා වනවා.

අද දින සවස 3:00 ට ඇහැලියගොඩ, මෝරගල සුවින්රා උත්සව ශාලාවේදී මෙම සැසිය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන මණ්ඩලය වශයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් ඇතුළු ප්‍රබලයින් පිරිසක් සහභාගීවීමට නියමිතය.

එහි මූලාසන මණ්ඩලය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, අමාත්‍ය විමල් වීරවංශ මහතා, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා, කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සහභාගී වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *