Post Views: 315 ශ්‍රී ලංකා හෙද සභාවට ඉදිරි වසර 5 ක කාලයක් සඳහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 32 කදී පසුගිය 11 වන දින පැවති අතර ඉන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමන් රත්නප්‍රියගේ රජයේ හෙද සංගමයට පරාජයක් අත්කරදෙමින් ජවිපෙ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන සමස්ථ ලංකා හෙද සංගමය ජය ලබා තිබේ. හෙද කේෂ්ත්‍රෙය් ප්‍රතිපත්ති හා වැඩපිලිවෙල සකස්කිරීම, සේවකයින්ගෙ ස්ථාන මාරුවීම් සහ හෙද සේවයට අදාල විවිධ ගැටළු සදහා තීන්දු තීරණ ගනුලබන මෙම හෙද සභාව 1988 වසරේ පාර්ලිමේන්තු පනතකින් සම්මත කර ස්ථාපිත කරන ලද නිල ආයතනයකි. මෙම නිලවරණයෙන් හෙද සභාව සදහා සමස්ථ හෙද සේවයේ 40000 ක් වන සේවකයින් අතරින් 37000 ක් වන හෙද නිලධාරීන් නියෝජනය කරමින් සමාජිකයින් පස්දෙනෙක් තෝරා පත්කරගන්නා ලද අතර ඉන් ඉහලම ඡන්ද වන 66%ක ප්‍රතිශතයක් ලබා ජවිපෙ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන සමස්ථ ලංකා හෙද සංගමයෙන් හතරදෙනෙකු තේරී පත්වී ඇත. මීට අමතරව ස්වාදීනව තරඟ කල පුෂ්පා රම්‍යා ද සෙයිසා මහත්මියද පත්වී සිටී. මෙවර නිලවරණයෙන් 66%ක ප්‍රතිශතයක් ජවිපෙ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන සමස්ථ ලංකා හෙද සංගමය ලබාගනිද්දී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට හිමි වී ඇත්තේ 17% ක ඡන්ද ප්‍රතිශතයකි. එමෙන්ම සමන් රත්නප්‍රියගේ රජයේ හෙද සංගමයට හිමි වී ඇත්තේ 16% ක ඡන්ද ප්‍රතිශතයකි. මෙහිදී හෙද නිලධාරීන්ට අමතරව ආයුර්වේද, හෙද අධ්‍යාපන, ප්‍රජා සෞඛ්‍ය, පුද්ගලික හෙද විදුහල් , පලාත් රාජ්‍ය සේවය හා විශේෂ සේවා හෙද නිලධාරීන් නියෝජනය කරමින් තවත් සාමාජිකයින් හය දෙනෙකු හෙද සභාව සදහා තෝරාපත්කරගනී. ඒ අනුව නිලවරණයෙන් තෝරාගනු ලබන සමස්ථ සාමාජිකයින් ප්‍රමාණය 11 කි. ඊට අමතරව නිල බලයෙන් විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරමින් තවත් 08 දෙනෙකු හෙද සභාව සදහා නම් කරනු ලබයි. 2011 වසරේ හෙද සභා නිලවරණය පැවැත්වීමෙන් පසු වසර 5ක කාලය 2016දී අවසන් වුවද විවිධ දේශපාලන සහ වෘත්තීය සමිති බලපෑම මත වසර 05 ක් මෙම නිලවරණය නොපවත්වන ලදි. කෙසේ නමුත් පසුගිය මැයි 31 සමස්ථ ලංකා හෙද සංගමය වෘත්තී සමිති ක්‍රියාමාර්ගයක් ගෙන නිලවරණය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් එකගතාවයක් ලබාගන්නා ලද අතර ඒ අනුව පසුගිය 11 වනදා මෙම නිලවරණය පවත්වන ලදි. මේ අනුව මෙතෙක් කලක් විවිධ දේශපාලන බලපෑම මත අකර්මණ්‍යව පැවති හෙද සභාව නැවත පිහිටුවීමට හැකියාව ලැබී තිබෙන අතර මුරුත්තෙට්ටුවේ ආනන්යද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමන් රත්නප්‍රියගේ රජයේ හෙද සංගමයට මෙතෙක් පැවති තීරණාත්මක බලය මින් ඉදිරියට ගිලිහී යනු ඇත. Post navigation ජනාධිපති විසින් තොරතුරු දැනගැනීමේ කොමිසමට සාමාජිකයින් පත්කරයි. මහජන මන්ත්‍රණ සභාවේ දෙවැනි පියවර අද (14) ඇහැලියගොඩදී.