Post Views: 327 ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් විකුම් ලියනගේ මහතාව පත් කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (7) දින මෙම පත් කිරීම සිදුකර ඇත. මාතලේ විජය විද්‍යාලයෙන් බිහි වූ ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් විකුම් ලියනගේ මහතා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනාවේ සේනාවිධායක ලෙස කටයුතු කළ අතර, මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මෙම තනතුර සඳහා ඔහුව පත් කර ඇත. නව මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත්වූ මේජර් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඊයේ (07) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවි නව ධූරයේ පත්වීම් ලිපිය භාරගත්තේය. Post navigation සිනමාව කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙන යාමට ඇමති විමල් මැදිහත්වේ. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධුරයට.