Post Views: 344 සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයින් ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන නිර්මාණකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (07) කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවත්විණි. වසර 75ක ලාංකීය සිනමා වංශ කතාවේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් සහ දීර්ඝ කාලයක් පුරා සිනමා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් කල පොදු ඉල්ලීමක් වූ සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වෙමින් දැක්වූ සහයෝගයට කර්මාන්ත අමාත්‍යවරයාට නිර්මාණකරුවන් සිය හෘදයාංගම ස්තුතිය පුදකරන බව පැමිණි සිටි අය පැවසීය. සිනමා කර්මාන්ත ක්ෂේත්‍රයේ දැනට පවතින ගැටළු, යෝජනා සහ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී. සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය සහ නියාමනය සඳහා නියාමන අධිකාරියක අවශ්‍යතාව, ජාත්‍යන්තර සිනමාව තරණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම ඇතුළු යෝජනා සහ අදහස් මෙහිදී වැඩිදුරටත් සාකච්ජා කෙරිණි. සිනමා කර්මාන්තය වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් තමන් සුදානම් බව පැවසූ විමල් වීරවංශ මහතා, සිනමා කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටළුවලට විසදුම් ලබාදෙමින් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීමට සිනමා කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව අමාත්‍යාංශ උපදේශක සභාවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය. මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරු වන ජැක්සන් ඇන්තනී, සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, අශෝක හඳගම, උදයකාන්ත වර්ණසූරිය, නිලේන්ද්‍ර දේශප්‍රිය, මහේෂ් මුණසිංහ, ජයරත්න ගලගෙදර, ප්‍රවීන් ජයරත්න, රසිත ජිනසේන, තුෂාර රංගන යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ. Post navigation බැඳුම්කර නඩුවේ චෝදනා 11 කින් රවි ඇතුළු 10 දෙනෙක් නිදහස්. මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කෙරේ.