පාකිස්තානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අද (6) සවස මෙරටට රැගෙන විත් තිබේ.

අනතුරුව දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත. ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණයක් පකිස්තානයේදී ද සිදු කරනු ලැබූ අතර එහි වාර්තාව අනුව සියයට 99 ක් පිළිස්සී තිබුණ සිරුර පරීක්ෂා කර පිළිස්සුමට පෙර හිසට හා හකු වලට එල්ලවූ පහර නිසා මරණය අත්වූ බව සඳහන් විය.

ඒ මහතාගේ දේහයේ අවශේෂ ශ්‍රී ලංකාවට භාරදීම සඳහා අද දහවල් ලාහෝර් ගුවන්තොටුපළ වෙත රැගෙන එනු ලැබූ අතර පාකිස්ථාන රාජ්‍ය ගෞරව ලබාදීමද සිදු කෙරුනි. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ විශේෂ නියෝජිත තගීර් අශ්රෆි මහතා මෙන්ම පළාත් අමාත්‍ය එජාස් අලාම් මහතා එම අවස්ථාවට එක්ව තිබුණි.

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්ථාන රජය සැකකරුවන් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරුවන් 26 දෙනෙකු පාකිස්ථානයේ ගුජරාන්වාලාහි පිහිටි ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කරන ලදී.
දේහයේ අවශේෂ තැන්පත් කර අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රියන්ත මහතාගේ ගනේමුල්ලේ කැන්දලියැද්දපාලුවේ නිවස මේ වන විට සුදානම් කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *