පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් අක්‍රියවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු අද (3) පස්වරුවේ එහි විනාඩි විස්සකට ආසන්න කාලයක් සිරවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

විදුලි සෝපානයේ මෙසේ සිරවී ඇත්තේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල යන මහත්වරුන්ය.

රටටම විදුලිය විසන්ධි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයුමද අක්‍රිය වී ගිය අතර විදුලි සෝපානය අක්‍රිය වී ඇතැයි පැවසෙන්නේ මේ අවස්ථාවේදීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාගෙන් පැවසුවේ තමා සහ එල්ලාවල මන්ත්‍රීවරයා විදුලි සෝපානයේ විනාඩි විස්සකට ආසන්න කාලයක් සිරවී දැඩි අපහසුතාවයකට හා බරපතළ ජීවිත අවදානමකට මුහුණ දුන් බවයි.

මේ අවස්ථාවේදී විදුලි සෝපානයේ දුරකතනයෙන් අදාළ අංශවලට දැනුම් දුන් අවස්ථාවේදී ඔවුන් විනාඩි පහකින් එහි පැමිණෙන බව දැනුම් දුන්නද දොර විවෘත කිරීමට විනාඩි විස්සකට ආසන්න කාලයක් ගතවුණු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *