Post Views: 314 රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු මත්තල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද ගවයන් 22 බණ්ඩාරවෙල මස් කඩයකට රැගෙන යමින් සිටියදී ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමය විසින් ප්‍රධාන සැකකරුට 2020 වර්ෂයේ වන සත්ව සංවිධානයේ සභාපති ලෙස සහතික පත්‍රයක් නිකුත් කර ඇති අතර එම සහතික පත්‍රය ප්‍රයෝජනයට ගෙන ගවයින් ප්‍රවාහන කටයුතු නීතිමය අවසරයකින් තොරව සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේ ය. ප්‍රදේශයේ ගවපට්ටිවලින් මිලදී ගන්නා ගවයින් මෙලෙස ප්‍රවාහනය කරන බව පෙන්වා සැකකරු මෙම හරක් ප්‍රවාහනය කර ඇත. ගවයින නිදහස් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ලබාදී ඇති ස්තුති ලිපියක් පෙන්නා සැකකරු පැන යාමට උත්සහා කළ ද එය අසාර්ථක වී ඇත. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ නිර්මාතෘ හා සභාපති දේශමාන්‍ය නිහාල් විජේරත්න මහතාගෙන් කල විමසීමකදී තම සංවිධානය සමස්ථ දිවයින පුරාම පැතිර පවත්නා මානව ගුණ ධර්ම ප්‍රචලිත කිරීම හා දහම් කටයුතු වල නිරත පිලිගත් සමාජ සුභසාධන සංවිධානයක් බවත් අදාල පුද්ගලයා දික්වැල්ල ප්‍රදේශයේ පිරිවෙනක ගුරුවරයෙකු ලෙස කටයුතු කරන අතරතුර දැනට වසර 8 ක කාලයක පමණ සිට තම සංවිධානය හා සම්බන්ධව කටයුතු කරන බව සදහන් කරන ලදී. කෙසේ වුවත්, මෙම පුද්ගලයා සංවිධානයේ කිසිදු අනුදැනුමකින් තොරව මෙම නීතීවිරෝධී කටයුත්ත සිදුකර ඇති බවත් ඔහු පොලිස් අත් අඩංගුවට පත්වූ පසු මෙම ජාවාරම ගැන දැන ගැනීමට ලැබීමත් සමග වහාම ඔහු දැරූ සියළු තනතුරු වලින් හා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කල බවත් නිහාල් විජේරත්න මහතා ප්‍රකාශ කරන ලදී. Post navigation ප්‍රවීන රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා දිවි ගමනට සමු දෙයි. සජබ මංත්‍රී තුෂාර ඉඳුනිල්ට සහ පොහොට්ටු මංත්‍රී ලලිත් එල්ලාවලට පාර්ලිමේන්තුවේදි සිදුවූ දේ.