ප්‍රවීන රංගන ශිල්පීනී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ සම්පත් තෙන්නකෝන් මහතා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

1981 දී වේදිකාගත වූ දයාරත්න රටගෙදරයන්ගේ “ගුරුලිසි” වේදිකා නාට්‍යයෙන් රංගනයට පිවිසි සම්පත් තෙන්නකෝන් මහතා ජගන් මාතා, අන්දරේලා, පුත්‍ර සමාගම ඇතුළු එදා මෙදා තුර වේදිකා නාට්‍ය විශාල සංඛ්‍යාවකට තම දායකත්ව ලබාදී ඇත.

ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් වලින් අනතුරුව 2017 වසරේදි තම කුළුදුල් නිර්මාණය වූ “දෙසීය තුන්සීය” නාට්‍ය නිර්මාණය කිරීම තුලින් නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසි මේ සොදුරු කලාකරුවා පුංචි තිරයේද තම රංග ප්‍රතිභාව මනාව පිළිඹිබු කල රංගන ශිල්පියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *