සභාපති සංජය මොහොට්ටාල, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ සුබසිංහ, ආචාර්ය හර්ෂ කබ්රාල්, සංජය කුලතුංග සහ ජෙයමින් පැල්පොළ යන මහත්වරුන් මෙසේ සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත. ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත ඊයේ (2) යවා ඇතැයි වාර්තා වෙයි.

මේ අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලා අස්වීමත් සමඟ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර මහතා ද ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉතා ඉහළ වැටුප් තල යටතේ නිලධාරීන් රැසක් බඳවා ගෙන ඇති බවට සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් එම බඳවා ගැනීම් කර ඇති බවට ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී ද පසුගියදා චෝදනා එල්ල විය .

මෙ අතර, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විරෝධය පළ කරමින් එහි සේවකයන් අතිබහුතරයක් ජනාධිපතිවරයාට බාරදිම සඳහා පෙත්සමක්ද අත්සන් කළ අතර, ආයෝජන මණ්ඩලයේ සේවකයන් 1100 ක පමණ පිරිසෙන් 850 දෙනකු පමණ ඊයේ (2) වන විට ඊට අත්සන් තබා ඇතැයිද වාර්තා වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *