Post Views: 333 විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. මොරටුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය ද නැවත නිලවරණයක් පවත්වන තුරු අත්හිටුවමිනි. එමෙන්ම එම පිරිසට සාමාජික මුදල් රැස් කිරීම, නීති ගාස්තු අයකිරීම, ශාඛා සමිති නිලවරණ පැවැත්වීම, නිල නාමය භාවිතා කිරීම හෝ සංගමය නමින් පෙනී සිටීම ද තහනම් කර තිබේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ තවත් වෛද්‍යවරුන් පිරිසක් විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි. Post navigation රත්තරං ගොඩගන්න ගිය මහජන ආරක්ෂක ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් ඉවත්කරයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වෙයි.