Post Views: 449 “අමාත්‍යාංශ ලේකම්ලා දෙදෙනෙක් කොටි වැලලු රත‍්‍රන් ගොඩගන්න ගොස් මාට්ටුයි” යනුවෙන් පසුගියදා පුවත් පළවූ අතර මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ධීවර අමාත්‍යාංශයේ පෞද්ගලික කාර්ය මණ්ඩල ලේකම්වරුන් දෙදෙනක් උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සඳහන් වන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් වන සුදත් ජයසිංහ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතාගේ නියමයෙන් එම ක්‍රියාමාර්ග ගත් බවත් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසට අමාත්‍යවරයා දැනුම් දී ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි. කෙසේ නමුත් මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ ජනතාවගේ මතය වුවේ පොලිස් ඇමතිවරයාගේ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙකු සම්බන්ධ සිදුවීමක් නිසා මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු නොවනු ඇති බවයි. එනමුත් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ. යුද සමයේදී එල්.ටී.ටී.ඊ ය මගින් වළදමා ඇතැයි කියන මෙම රත්‍රන් තොගය පිළිබඳ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව පසුගිය 25 වැනිදා කැණීම් කිරීමට සැලසුම් කර තිබී ඇත. නමුත් මහවිරු සැමරුම් තැනින් තැන පැවතීම මත එහි කැණීම් දෙසැම්බර් 02 වැනිදාට එනම් අදට කල් දමා තිබේ. මෙම සිදුවීම ඉන් පසු වාර්තා වන්නේ මෙසේය. ඉකුත් 23 වැනිදා මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ ධීවර ඇමැතිවරයාගේ ලේකම්වරයකු පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවෙසට ගොස් තමන් සැලසුම් කර ඇති කැණීම් කටයුත්තක් සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බවත් නොවැම්බර් 25 වැනිදාට කලින් රහසිගතව එය කිරීමට සහාය වන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. එහෙත් එම ඉල්ලීම ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ. අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන් දෙදෙනාගේ මෙම පැමිණීම සම්බන්ධයෙන් දින කිහිපයකට පසු මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට තොරතුරු ලැබී විමසන තෙක් පුදුකුඩිඉරිප්පු ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කර නැත. ඒ පිළිබඳව මුලතිව් සහකාර පොලිස් අධිකාරි ලසන්ත විතාරණ යටතේ මේවනවිට විමර්ශනයක් ද ක්‍රියාත්මක වේ.පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාට එම පත්වීම ලැබී ඇත්තේද ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දගේ නිර්දේශයකට අනුව බවටද තොරතුරු අනාවරණය වේ.අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු රත්‍රන් ගොඩගැනීමට යාම පිළිබඳව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පෙරේදා (30 වැනිදා) වාර්තාවක් ද යවා තිබේ. Post navigation රංජනි ජයකොඩි කෘෂිකර්මයෙ උපදේශක ධූරයකට පත් කෙරේ. වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට අධිකරණ මගින් දුන් නියෝගය.