කොරෝනා වසංගතය පවතිද්දීත් පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් තොරව මෙරට විවිධ ක්ෂේත්‍රයන් වලින් රටට සේවයක් කල ආයතන හා පුද්ගලයින් ඇගයීමේ උත්සවයක් ඊයේ (28) ශ්‍රී ලංකා පදනම ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.

“සියක් සුවිශිෂ්ටයන් අභිනන්දන මෞලි මංගල්‍යය 2021” (TOP 100 Sri Lankan Leaders Award) නමින් පැවැත්වූ මෙම සම්මාන ප්‍රධානෝත්සවය, හිටපු කථානායක කරූ ජයසූරිය, මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මංත්‍රී මධුර විතානගේ, ටවර්හෝල් පදනමේ අධ්‍යක්ෂ මංඩල සාමාජික හෂීම් ඕමාර් ‍යන මහත්වරුන් ඇතුළු සම්භාවනීයයන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.

අහස මාධ්‍ය ආයතනය මගින් සංවිධානය කල මෙම සම්මාන ප්‍රධානෝත්සවයේදි, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, හෙද නිළධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා, පැරාඔලිම්පික් රන් පදක්කම්ලාභී දිනේශ් ප්‍රියන්ත, ප්‍රවීන නිවේදිකා ඉදුනිල් දිසානායක , ප්‍රවීන ධනාත්මක චින්තක උපදේශක මොහාන් පල්ලියගුරු, ජේෂ්ඨ්‍ය මාධ්‍යවේදී නෝමන් පලිහවඩන, සුරත මාධ්‍ය ප්‍රධානී, ප්‍රවීන මාධ්‍යවේදී හා නාට්‍ය නිෂ්පාදක ආචාර්ය සමන් චන්ද්‍රරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු විශිෂ්ඨයින් 100 දෙනකු මෙදින සම්මානයට පාත්‍රවිය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *