බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය මාලා පෙරේරා මහත්මියගේ උපදෙස් මත මෙම දැනුවත් කිරීම සිදුකර ඇත.
උද්ගතව ඇති මෙම කොරෝනා වසංගත තත්වය තුළ දී කොරෝනා වෛරස් රෝගය සුව කරනු ලබන බවට ව්‍යාජ ලෙස සමාජ මාධ්‍ය භාවිතා කර දැන්වීම් පළ කරනු ලබන වෛද්‍ය නාමය භාවිතා කරනු ලබන පුද්ගලයන් පිළිබඳව ඔබ සැලකිලිමත් වන්න.
සුදුසුකම් නොමැති එවැනි පුද්ගලයන් හට තම ජීවිතය පිළිබඳ වගකීම භාර නොදෙන්න.
නිසි ප්‍රතිකාර කිරීමේ නීත්‍යානුකූල හැකියාව ඇත්තේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකුට පමණකි.
කොරෝනා රෝගය සුවවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ දැන්වීම් පළ කරනු ලබන ආයුර්වේද දේශීය ඖෂධ වට්ටෝරු පිළිබඳව ඔබ සැලකිලිමත් වන්න. එවැනි පල කිරීම් වල නීත්‍යානුකූලභාවය පිළිබඳව ඔබ සොයා බලන්න.
සැමවිටම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයුර්වේද නිෂ්පාදනාගාර වල නිෂ්පාදිත ඖෂධ පමණක් වෛද්‍ය නිර්දේශය යටතේ භාවිතා කරන්න.
ආයුර්වේද නිෂ්පාදනාගාර ලියාපදිංචි අංකය යටතේ නව නිෂ්පාදන වෙළඳපලේ තිබීම නීති විරෝධී වේ.
සෑම ආයුර්වේද නිෂ්පාදනයකට වෙන් වෙන් වශයෙන් ලියාපදිංචි අංක තිබිය යුතු බව දැනුවත් වන්න.
ඔබ මීට පෙර භාවිතා නොකල ඕනෑම ඖෂධයක් භාවිතයට පෙර ඔබ ප්‍රදේශයේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරියා ගෙන් විමසා ඒ පිළිබඳ තහවුරු කරගන්න.

කොරෝනා වසංගත තත්වයෙන් මිදීම සදහා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ජනතාව වෙත සේවාවන් රැසක් ලබා දේ. ඒ පිලිබදව දැනුවත් වීම සදහා බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කයන් තුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ඔබ හට සම්බන්ද කර ගත හැකිය.
මෙහිදී මෙම රෝග තත්වය පිලිබඳව, එම රෝගයෙන් වැලකීම හා රෝගය පවතින අවස්ථාවේදී රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිකරනු ලබන ආහාර පාන ඇවතුම් පැවතුම් සම්බන්ධව වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

එම වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ කරගත හැකි දුරකථන අංක පහතින් දක්වා ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *