පසුගිය 14 දින ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතීවේදී උපාධි පාඨමාලාව සදහා තෝරා ගැනීමේ විභාගය පැවැත්වූ අතර එකී විභාගයේ ඉංග්‍රීසි, දෙමළ සහ බුද්ධි ප්‍රශ්න පත්‍ර පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් පිටවී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

එමෙන්ම, එකී සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඔහු අධිකරණ සහ අධ්‍යාපන අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින ලදී.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඊයේ (16) නිවේදනයක් නිකුත්කල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මහජනතාව වෙත දන්වා සිටියේ අදාල විභාග පැවැත්වීම සම්බන්ධයෙන් වන විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ සහ විභාගය පැවැත්වීමේ පූර්ණ බලතල ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවට බැවින් මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් විමසා පූර්ණ පරික්ෂණයක් ආරම්භ කරන්නට කටයුතු කල බවත්ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *