Post Views: 384 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 15 දින නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය කර ඇත. විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී ඇත. දැඩි කොන්දේසි මත රැඳවුම් භාරයෙන් මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර සෑම මසකම පළමුවන හා තුන්වන ඉරිදා දිනවල දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කළ යුතු බවත් ඔහුගේ නිවස පිහිටි කොළඹ නගර සීමාවෙන් පිටතට යාම තහනම් බවටත් අධිකරණය නියම කර ඇත. එසේම විදේශගත වන්නේ නම් අධිකරණයෙන් අවසර ලබාගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයේ දැක්වේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 (1) වගන්තිය යටතේ අදාළ නියෝගය නිකුත් කර ඇති අතර වැඩිදුර පෙත්සම් විභාගය 2022 වසරේ මැයි 10 දින සිදු කිරීමට නියම කර ඇත. Post navigation සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී පිටව යයි. සියක් සුවිශිෂ්ටයන් අභිනන්දන මෞලි මංගල්‍යය 2021 පදනම් ආයතනයේදි ඊයේ(28) පැවැත්විනි.