අගෝස්තු මස 12 වෙනි දින සිට බලපාන පරිදි ආහාර ද්‍රව්‍ය කිහිපයක් මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පණවා ඇත.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝගයක් පරිදි නිකුත් කරන ලද අති විශෙෂ ගැසට් නිවේදනයක් මගින් මෙම බදු පැනවීම ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව හාල්මැස්සන්, කරවල, වෙඬරු, කිරිවලින් නිපදවූ තැවරුම්, උළුහාල් ඇට, කුරක්කන් පිටි, අබ ඇට, මේස ලුණු ආදිය මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත් කර ඇත.
විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් මීට පෙර නිකුත්කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් නව අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.

අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන අතර ඒ අනුව හාල්මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 100 ක්, කරවල කිලෝවක් සඳහා රුපියල් 100 ක්, උලුහාල් ඇට
කිලෝවකට රුපියල් 50 ක්, කුරක්කන් පිටි කිලෝවකට රුපියල් 150 ක් සහ අබ ඇට කිලෝවකට රුපියල් 62 ක් ආදී වශයෙන් බදු පැනවෙනු ඇති.

ගැසට් නිවේදනය පහතින්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *