Post Views: 482 ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. පාස්කු ප්‍රහාරයට අදාලව සිරිල් ගාමිණී පියතුමන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලෙයි මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කැඳවීම කර ඇත. ඒ අනුව, අද (15) දින පෙරවරු 10.00 පමණ සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර උන්වහන්සේට සහය දැක්වීම සදහා ගරු පූජකවරු මෙන්ම බෞද්ධ ස්වාමින්වහන්සේලාද එම ස්ථානය වෙත පැමිණ සිටිනු දක්නට ලැබිනි. පැය හතක පමණ කාලසීමාවක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අද සවස්වරුවේ පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යන ලදී. මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ උන්වහන්සේ, සියළුම නිළධාරින් ඉතාම සහයෝගයෙන් කටයුතු කල බවත් තම නීතිඥතුමාට ඇතුළට යාමට අවස්ථාව ලබා දුන් බවත් සදහන් කරන ලදී. නැවතත් හෙට දින ආපසු පැමිණීමට නියමිත බවත් ඉන් පසුව ඉදිරි කටයුතු බැලිය හැකි බවත් පැවසූ පියතුමන්, තමන් වෙබ් සෙමිනා එකේ ලබාදුන් උත්තරය සටහන් කරගත් බවත් එදා පැවසූ කථාව සම්පූර්ණයෙන් ම පදනම් වෙලා තියෙන්නේ ජනාධිපති කොමිසම් වාර්තාවෙත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාවේ කරුණු මත බවත් සදහන් කරන ලදී. Post navigation මෙවර අයවැය අනුව හිටපු ජනපතින්ගේ විශ්‍රාම වැටුප් අහිමි වේද ? පාස්කු ප්‍රහාරයට සැකපිට රඳවාගෙන සිටි රියාජ් බදියුදීන් මුදා හැරේ.