අය වැය මගින් මෙවර ඉදිරිපත්කර තිබූ යෝජනා අතුරින් ජනතා ආකර්ෂණය දිනාගත් ‍යෝජනාව වන්නේ මංත්‍රී විශ්‍රාම වැටුප මෙන්ම ජනපති විශ්‍රාම වැටුප පිළිබදව කෙර ඇති යෝජනාවයි.
එනම්, 5.4.6 ඡේදය “දැනට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුපක් ලැබීමට නම්, අඛණ්ඩව වසර 05 ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ප්‍රමාණවත්. එම වසර 05 ක කාලය, වසර 10 ක් දක්වා දීර්ඝ කිරීමට මා යෝජනා කරනවා. මෙම යෝජනාව ඒකාබද්ධ අරමුදලෙන් වැටුප් ලබන ජනාධිපති ධුරය ඇතුළු සෑම ධූරයක් සඳහා ම වලංගු වෙනවා. මීට අදාළව නීතී සම්පාදනය කළ යුතු වෙනවා”.

එකී යෝජනාව බැලූ බැල්මට යමෙකුට සිතෙනුයේ හිටපු ජනපතිවරුන්ට වසර 10 ක් සම්පූර්ණ කර නොමැති නම් විශ්‍රාම වැටුප් නොලැබෙන බවයි. එවැනි අදහසක් ජනිතවන ආකාරයේ පුවත් වාර්ථා පවා මේ දිනවල පලවනවා.

නමුත් මෙය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් ශ්‍රී ලංකාවේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප වැඩිකිරීම හැර වෙනත් කිසිවක් කිරීමට ව්‍යවස්ථාවෙන් බලය ලබා දී නැහැ.
එහි 36 (4) වගන්තිය අනුව,
“ජනාධිපති ධුරය දරන තැනැත්තන්ගේ වැටුප්, දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයෙන් වැඩි කළ හැක්කේ ය. එහෙත් එම වැටුප්, දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම් අඩු නො කළ යුත්තේය”.

ඒ වගේම 36 (2) වගන්තිය අනුව,
“යම් තැනැත්තකු විසින් ජනාධිපති ධුරය භාර ගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන පරිදි වූ වැටුප් සහ දීමනා ලැබීමට ද ඉන් පසුව, එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමට ද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේ ය. පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූල වන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධිවිධානයක් අතීතයට බල නොපාන්නේය”.

ඒ අනුව සත්‍ය නම් ව්‍යවස්ථාව වෙනස් කලත් විශ්‍රාම වැටුප අඩු කිරීමක් හෝ අහිමි කිරීමක් දැනට ජනපතිධූරය දරන හෝ මෙතෙක් දැරූ කිසිවෙකුට බල නොපාන බවයි.

One thought on “මෙවර අයවැය අනුව හිටපු ජනපතින්ගේ විශ්‍රාම වැටුප් අහිමි වේද ?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *