Post Views: 531 රාජ්‍ය සේවය අපේ රටට බරක්. රාජ්‍ය සේවයට සහන දීමට කටයුතු කළොත් එම මුදල් මහජනතාවගෙන් ලබාගත යුතුයි. එම නිසා තව වසරක් යන තුරු රාජ්‍ය සේවකයින්ට සහන ලබා දීමට නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසන ලදී.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අයවැය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. එහිදී අයවැය පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා රාජ්‍ය සේවයේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබුවේද රාජ්‍ය සේවකයින්ගේ යහපත තකා බවත් රටේ ආයු දීර්ඝ වීම, වැඩකිරීමට හැකියාව තිබියදී විශ්‍රාම යාම තුළින් රාජ්‍ය සේවකයින් මුහුණ පාන ගැටලු ගණනාවක් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව මෙසේ විශ්‍රාම යාමේ වයස තවත් වසර 10 කින් දීර්ඝ කිරීමට කටයුතු කරන ලද බව පැහැදිලි කරන ලදී. එමෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉහළ නැංවූයේ නැතත් මෙවර අය-වැය තුළින් ඔවුන්ට වෙනත් සහන ලබාදීමට කටයුතු කර තිබෙන බවත් ප්‍රකාශ කරන ලදී. තව දුරටත් කරුණු දැක්වූ මුදල් අමාත්‍යවරයා නව නිෂ්පාදන ආයෝජන කලාප පිහිටුවීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන බවත් ඒ සඳහා වූ විශේෂිත බදු සහන ලබා දී රටේ ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රකාශ කල අතර, එසේ නිෂ්පාදනය ආයෝජන කලාප පිහිටුවීමට හදුනාගත් කේෂ්ත්‍ර ලෙස කාබනික පොහොර නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමු ද්‍රව්‍ය නිෂ්පාදනය, පශු සම්පත් කර්මාන්තය, ධීවර හා ජලජීවී නිෂ්පාදනය හා ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය ආදී කේෂ්ත්‍රයන් ගණනාවක් හඳුනාගෙන ඇති බවත් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම ඔයාමඩුව, මිල්ලනිය හා හම්බන්තොට ප්‍රදේශ ආශ්‍රිතව ඖෂධ නිෂ්පාදනය සඳහා නිෂ්පාදන ආයෝජන කලාප පිහිටුවීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කරන ලදී. Post navigation වසර 24 කට පසු මෙරට පොලිස් ස්ථානයකට කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක්. මෙවර අයවැය අනුව හිටපු ජනපතින්ගේ විශ්‍රාම වැටුප් අහිමි වේද ?