Post Views: 568 මෙරට ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය අද (11) වැඩ භාරගැනීමට නියමිතය. ඒ අද (11) විවෘත වන ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙසිනි. මෙම පොලිස් ස්ථානය මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් අද (11) පස්වරු 4.00 ට විවෘත කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඇය එම ධූරයේ රාජකාරී භාරගනු ඇත. කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට 1997 වසරේදී එක්වූ කාංචනා සමරකෝන් මහත්මිය හලාවත, වව්නියාව, ගම්පහ, මීරිගම, නිට්ටඹුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කොට්ඨාස ගණනාවක සේවය කර ඇත.දෙදරු මවක් වන සමරකෝන් මහත්මියගේ ස්වාමි පුරුෂයා ද ශ්‍රී ලංකා පොලීසියේ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරයි.හෙම්මාතගම ප්‍රදේශයේ උපන් ඇය කෑගලු බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. මීට පෙර කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක් පත්ව ඇත්තේ මීට වසර 24 කට පෙර එනම් 1997 වසරේදී වන අතර ඒ යක්කලමුල්ල පොලිස් ස්ථානයේ කටයුතු කළ පද්මිණි මහත්මියයි. ඩයනා උදයංගනී – ලංකාදීප Post navigation 1938 ලෙසින් කාන්තා උපකාරක දුරකථන සේවාවක් ආරම්භ කෙරේ. රාජ්‍ය සේවය අපේ රටට බරක් – මුදල් ඇමති බැසිල් කියයි.