පැන්ඩෝරා පත්‍රිකා හෙලිදරවුවට සම්බන්ධවූ මාධ්‍යවේදීන්ට තර්ජන..

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව (International Consortium of Investigative Journalists) මගින් සිදුකල පැන්ඩෝරා පත්‍රිකා (Pandora Papers) ප්‍රකාශයට පත් කිරීමට පටන් ගත් දින සිට සති කිහිපය තුළ එකී හෙලිදරව්වන්ට අදාල ලෝක නායකයින්ට එරෙහි පරීක්ෂණ, බදු විමර්ශන සහ යෝජිත ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් ඇතුළුව සියළුම කරුණු ICIJ විසින් මාධ්‍ය හමුවේ තබන ලදී.

මෙම හෙළිදව්වන්ගේ අළුත්ම තත්වය නම් බොහෝ රටවල මෙම කටයුත්ත සදහා සක්‍රීයව දායක වූ වාර්තාකරණ හවුල්කරුවන් තම රටවල මාධ්‍ය නිදහසට ඇති තර්ජන නොතකා ව්‍යාපෘතියට සහභාගීවුවත් මේ වන විට ඔවුන්ට තම රටවල් වල විවිධ තරාතිරමේ බලාධිකාරයන්ගෙන් හා පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බවයි.

එවැනි සමහර රටවල මාධ්‍යවේදීන්ට තම වාර්තාකරණ කටයුතු වලට බාධා කිරීම්, නීතිමය තර්ජන සහ පුද්ගලික මඩගැසීම් ආදිය සිදුවෙමින් පවතින බවත් වාර්තා වේ. මේ තත්වය තුලින් වඩාත් හොදින් පැහැදිලි වන්නේ පැන්ඩෝරා පත්‍රිකා මගින් කල හෙලිදරව්වන් ලොවපුරා සිටින ධනවතුන් හා ඉහල පෙලේ පුද්ගලයින් කෙතරම් කැළඹීමකට පත්කර ඇත්ද යන්නයි.

මේ සම්බන්ධව ICIJ නිරන්තර අවධානයෙන් පසුවන අතරම පැන්ඩෝරා හෙලිදරව්වට සහාය දුන් ලොවපුරා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෑමවිටම කටයුතු කරන බවත් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *