1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී සිදු විය.

මෙම දුරකථන සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ගාස්තු රහිතව 1938 අංකය ඔස්සේ කාන්තාවන්ට සිදුවන අතවර, හිරිහැර ආදී අකටයුතුකම් ක්ශනිකව දනුම් දීමේ අවස්ථාව මේ මගින් හිමිවෙනවා. මෙම වැඩසටහනට සමගාමිව 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාවේ ජාතික දත්ත පද්ධතිය එළිදැක්වීම, ජාතික කාන්ත කමිටු නව සාමාජිකයින් සදහා පත්වීම් ලිපි ප්‍රධානය, වනිතා විභව කාන්ත කමිටු ප්‍රකාශනය එළිදැක්වීමද සිදුවිය.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, ජේෂ්ඨ්‍ය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා, ජාතික කාන්තා කමිටු සභාපතිනි ශිරන්ති බ්‍රියටිස් දිශානායක මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *