Post Views: 1,265 මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ ඛේදනීයම සිදුවීමක් ලෙසට ඉතිහාසයට එක්වූ පාස්කු ඉරිදා ප්‍රහාරයට මේ වනවිට වසර 2 කුත් මාස 06 ක් ගෙවී ගොස් අවසානය. පාස්කු ඉරිදා වින්දිතයින්ට යුක්තිය ඉටුවීම දිනෙන් දින කල් යෑම තුල එකී ප්‍රහාරයෙන් විපතට පත් සියලු දෙනාට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවතත් තම හඩ අවධි කිරීමට පටන් ගෙන ඇත. පසුගිය සැප්තැම්බර් 10 දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරයත් සමගම ආරම්භවූ මෙම විරෝධතා රැල්ල ඉතාලිය, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් අඛන්ඩව රටින් රටට දියත් කරනු ලබන උද්ඝෝෂණ මාලාවකි. එකී විරෝධතා රැල්ලේ තවත් පියවරක් ලෙස පසුගිය සෙනසුරාදා (16) දින තවත් විරෝධතාවක් ලන්ඩන්හිදී සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවේ අදහස් දැක්වූ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දියණිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය සදහන් කලේ ශ්‍රී ලාංකිකයින්ට ජාතිවාදය සහ ආගම්වාදය තවදුරටත් අවශ්‍ය නොවන බවත් සියළු පුරවැසියන්ට සමගියෙන් ජීවත් විය හැකි රටක් ඇති කිරීම පාලකයින්ගේ වගකීමක් බවත්ය. එමෙන්ම ජනතාව තවදුරටත් ජාතිවාදී බෝම්බ වලින් මුලාකල නොහැකි බවත් රජයට අවධාරණය කල වික්‍රමනායක මහත්මිය පාස්කු ඉරිදා වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම ප්‍රමාද කරමින් පාලකයින් සැමදා ලාංකික ජනතාව ජාතිවාදයේ වහළුන් බවට පත් කරමින් සිටීම හෙලා දකින බවත් ප්‍රකාශ කලාය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට සිදුකල එම සාමකාමී විරෝධතාවයට එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙන්ම යුරෝපා රටවල් කිහිපයක වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද සහභාගී වූහ. වර්තමාන රජය බලයට පත්වන විට ලබාදුන් ප්‍රධානම පොරොන්දුව වන පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඩුවම් ලබාදීමට කටයුතු කරන ලෙස එහිදී උද්ඝෝෂකයන් රජයට බලකර සිටියහ. පාස්කු ප්‍රහාරයට අමතරව රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස මෙන්ම මේ වන විට ලංකාවේ ජීවත් වන ජනතාව මුහුණ දී ඇති පීඩනයන්ට විසඳුම් ලබාදෙන ලෙසද පිරිස විසින් රජයට බලකර සිටියහ. Post navigation තායිවාන් විලාසිතා සම්මානය 2021 (TFDA) හි ප්‍රථම ස්ථානය රුවන්ති පවිත්‍රා ගජධීර දිනා ගනී. පැන්ඩෝරා පත්‍රිකා හෙලිදරවුවේ නවතම තත්වය ICIJ පවසයි.
රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමත් සැමදා ජනහදවත් තුල රැදෙන ජන නායකයෙක් ආඩම්බරයි එතුමාගේ දියණිය ගැන Reply