“2021 තායිවානයේ විලාසිතා නිර්මාණ සම්මානය” අවසාන තේරීම සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිදා (6) දින සොන්ග්ෂාන් සංස්කෘතික හා නිර්‍මාණ උද්‍යානයේදී සාර්ථකව නිමාවට පත් විය. රුවන්ති පවිත්‍රා ගජධීර මෙහි පළමු ත්‍යාගය දිනා ගත් අතර, ඇය “තිරසාර විලාසිතා/රෙදිපිළි හා සාම්ප්‍රදායික අත්කම්” යන තේමවෙන් ඉදිරිපත් කිරීම කරන ලදී.

මෙම තරගය සදහා යුරෝපයේ, ඇමරිකාවේ සහ ආසියාවේ රටවල් 18 ක තරඟකරුවන් 450 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවූ අතර පළමු වරට මේ සදහා ඉදිරිපත් වූ රුවන්ති ඔවුන් සියල්ලන් අභිබවා පළමු ස්ථානය දිනා ඩොලර් 10,000 ක මුදල් ත්‍යාගයක්ද ලබා ගන්නා ලදී.

3 thoughts on “තායිවාන් විලාසිතා සම්මානය 2021 (TFDA) හි ප්‍රථම ස්ථානය රුවන්ති පවිත්‍රා ගජධීර දිනා ගනී.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *