මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙරටට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙක් අබුඩාබි නුවර සිට පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (03) එවා තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගමනාගමනය සඳහා යොදා ගත් ඩ්‍රෝන යානා, ඕස්ට්‍රේලියාව සහ ඒවා ඉලක්ක වෙත යැවූ ප්‍රහාරක ආකාරය පිළිබඳ දත්ත ඇතුළත් ජංගම දුරකථනද වඩා කර තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් දෙදෙනා, එරට බන්ධනාගාර ගතකර සිට මෙරටට පිටුවහල් කර එවීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් අතරින් එක් අයෙක් අලගියවන්න මහ පටබැඳිගේ දොන් චාමර සංජීව කුමාර නොහොත් “මැදගොඩ චාමර” නමැති 37 හැවිරිදි අයෙක් වන අතර, ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ. අනෙක් පුද්ගලයා සියඹලාදූව පතිරණලාගේ හර්ෂ කුමාර නමැති 36 හැවිරිදි අයෙක් වන අතර ඔහුද කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “පරෙවි සුදා” නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු වන අතර මොහු බූස්ස බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියකටද චෝදනා ලබා සිටින්නෙකි.

මොවුන් දෙදෙනා අද උදෑසන 10.15 ට අබුඩාබි නුවර සිට ඉත්තියාද් ගුවන් සේවයේ ඊ.ටී.ඩී.- 392 දරන ගුවන් යානයෙන් මෙරටට පිටුවහල් කර එවා තිබෙනවා. අදාළ සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ගැනීමෙන් පසු, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හර්ෂ කුමාර නැමැති සැකකරුව කොළඹ – දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙතත් ඔහු සමඟ පැමිණි අනෙක් සැකකරු වන බන්දුල දිසානායක නැමැත්තා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) වෙතත් භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *