Post Views: 143 අයුතු අවහිරය, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ පැවරූ නඩුවක් විභාග කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා විසින් මෙම දඩුවම් නියම කර තිබෙනවා. මෙම නඩුවට අදාලව, චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරකටත් ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකටත් වැරදිකරු බවට අධිකරණය තීරණය කරනු ලැබුවා. නඩු විභාගය අතරතුර රියදුරු බන්දුල රත්නායක මිය ගොස් ඇති බවත් මෙහිදී සදහන් විය. 2019 වසරේ පෙබරවාරි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින් බස්වීමක් මෙම සිද්ධියට මූලික වී තිබෙනවා. Post navigation ශ්‍රී ලාකිකයන්ට ඉන්දීය වීසා නොමිලයේ ලබාදීම ගැන සත්‍ය කතාව.