Post Views: 149 වතුපිටිවල අයෝජන කලාප පොලිස් මුරපොලේ රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු 2026.07.23 වන දින පෙරවරුවේ වතුපිටිවල රෝහල අසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිටදී නිල ඇදුමින් රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාෂයකින් වාද කර ගැනීමේ සිදු වීමක වීඩීයෝ සමාජ මාධ්‍යයන් හී පලවෙන ලදී. අදාල නිලධාරියාගේ ක්‍රියා කලාපයෙන් ශ්‍රී ලංකා පොලීසිය හා සමස්ත රාජ්‍ය සේවයම අපකීර්තියට පත්වන බව පෙනී යන බැවින් ද එම ක්‍රියාව අනෙකුත් නිලධාරීන්ටද වැරදි පුර්වාදර්ශයක් වන බැවින් ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව ක්‍රියා කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය නිවේදනය කරයි. නීතිගරුක සමාජයක් සදහා පොදු මහජනතාව නීතියට අවනතව කටයුතු කරන අතරම එයට පටහැනිව මෙවැනි ආකාරයට හැසිරෙන රාජ්‍ය නිළධාරීන් පිළිබඳව හැකි සෑම විටෙකම සමාජය දැනුවත් කිරීම තුලින් යහපත් සහ නීති ගරුක සමාජයක් බිහිකිරීමට පිටුබලයක් ලැබෙන බව පෙනීයාම සතුටට කරුණකි. ඒ සමඟම ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට පොදු ජනතාවට භාවිතා කරන මාර්ගයේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති ඉඩ ප්‍රදේශයක වාහන නැවැත්වීම තහනම් යන දැන්වීමක් අනවසරයෙන් ප්‍රදර්ශනය කල අදාල වෙළඳ ව්‍යාපාරිකයාටත් නීතිය ක්‍රියාත්මක කලයුතු බවත් ශ්‍රී ලංකා පොලීසියට සිහිපත් කරන්නෙමු. Post navigation හෝමාගම කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට.