Post Views: 138 ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කර මෝටර් රථයෙන් පලායමින් සිටි හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය සඳහන් කරයි. හයිලෙවල් පාර, මීගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී ඊයේ (25) දින රාත්‍රී 11.30 පමණ පළමු අනතුර සිදුකර අනතුරුව ඊට සුළු වේලාවකට පසුව වටරැක 20 කණුව ආසන්නයේ දී දෙවන අනතුරත් සිදුකර ඇති මෝටර් රථ රියදුරෙක් මීගොඩ පොලීසිය අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු බවත් හෙලිවී ඇත. මෙහිදී සිදුකළ බීමත් පරීක්ෂාවේදී සැකකරු බීමත්ව රිය පදවා ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු අද (26) හෝමගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. Post navigation බෙල්ලන්විල අවන්හල් හිමියෙකුට වෙඩිතබා ඝාතනය කරයි. නිළ ඇඳුමින් ඇවිත් මිනිස්සුන්ට සද්දෙ දාපු උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කෙරේ.