බෙල්ලන්විල ඇවිදින මන්තීරුවට පිවිසෙන ස්ථානය අසල පිහිටි ෆයින් ඩයින් අවන්හල ඉදිරිපිටදී අද රාත්‍රී 7.45ට පමණ වෙඩි තැබීමක් වාර්තාවී ඇත. ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අවන්හල අසල සිටි එහි හිමිකරුට වෙඩිතබා පලා ගොස් ඇත.

තුවාල ලද පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කල නමුත් එහිදී ජීවිතක්ෂ්‍යට පත්ව ඇත. මෙසේ මියගොස් ඇත්තේ, 55 හැවිරිදි නෙල්සන් සුදත් අමරසිංහ නම් අයෙකු වන අතර ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කොස්මල්ලී” නමැත්තාගේ දුරින් ඥාතියෙකු බවට හඳුනාගෙන තිබේ.

පොලිසිය විසින් සිදු කළ මෙහෙයුමකදී මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් දෙදෙනා අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා සිටින බව පොලිසිය තහවුරු කර තිබේ. වෙඩික්කරු ලෙස සැකකරන පුද්ගලයා යුද හමුදාවෙන් පලාගිය අයෙකු බවටද අනාවරණය වී ඇත.

මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. “කොස්මල්ලී” පාර්ශවය සමඟ කාලයක් තිස්සේ ගැටුම් ඇති කරගන්නා “බඩෝවිට අසංඛ” සහ “සන්ඩෝ” යන පාර්ශ්වයන් විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවට පොලිසිය සැක කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *