Post Views: 1,582 පිටකොටුවේ රෙදිපිළි ව්‍යාපාරිකයින් හයදෙනෙකු රවටා රුපියල් කෝටි 16 කට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු හොරණ නාගරික මන්ත්‍රීවරිය ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල වැඩබලන මහේස්ත්‍රාත් නියෝග කර තිබෙනවා. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ හොරණ, කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි රේණුකා දමයන්ති නමැත්ති කාන්තාවක් වන අතර ඇය එක්සත් ජාතික පක්ෂයේ හොරණ නාගරික මංත්‍රීවරියක් ලෙසත් කටයුතු කර තිබෙනවා. පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකාරිය අගරු චෙක්පත් ලබාදෙමින් රෙදිපිළි ව්‍යාපාරිකයින් හයදෙනෙකුගෙන් රුපියල් කෝටි 16 කට ආසන්න මුදලක් වංචා කර ඇති බවයි. වංචාවෙන් පසුව ඇය දිගු කලක් ව්‍යාපාරිකයින් මඟහැර සැඟවී සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. අද (18) සැකකාරිය එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත වෙත පැමිණ සිටියදී, පැමිණිලිකාර ව්‍යාපාරිකයින් ද එහි පැමිණ ඇති අතර, එහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. එහිදී මිරිහාන පොලිසිය එහි සිටි පිරිස අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී වංචාව සම්බන්ධ පැමිණිලි අනාවරණය වීමෙන් පසු, අදාළ නීතිමය කටයුතු සඳහා සැකකාරිය වත්තල පොලිසිය වෙත භාරදී තිබෙනවා. Post navigation මොරටුව දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය යළි පණ ලබයි: පළමු වෘත්තීය ශිල්පීන් කණ්ඩායම ක්ෂේත්රයට දෙසියවසක දහඩිය කඳුළට තවමත් බිම් අඟලක අයිතියක් නැති මලයගම් ප්‍රජාව.