Post Views: 139 පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද “මාධ්‍යවේදී සංවේදීකරණ වැඩමුළුවක්” රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විනි. මාධ්‍ය වාර්තාකරණය තුළින් සමාජයේ සමාන සහ සාධාරණ ඉඩකඩක් නිර්මාණය කරමු…!” යන තේමාව යටතේ, විවිධ මට්ටමේ මානසික සහ කායික ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් මාධ්‍යවේදීන් සඳහා සංවිධානය කරන ලද “මාධ්‍යවේදී සංවේදීකරණ වැඩමුළුව” ක් අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වුනි. මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර, වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දීපාංජලී අබේගුණවර්ධන ඇතුළු ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ මාධ්‍යකරණයේ නියුතු ජනමාධ්‍යවේදීහු රැසක් සහභාගී වූහ. මෙම අවස්ථාවේ විශේෂ දේශණයක් සිදුකල ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා ආබාධිතභාවය පිළිබඳ සමාජය සතු පටු ආකල්ප සහ භාෂා භාවිතය දෝෂදර්ශනයට ලක් කල අතර පුද්ගලයෙකුගේ වටිනාකම මැනිය යුත්තේ ඔවුන් සතු අඩුපාඩු මත නොව, ඔවුන් ලෝකයට දායාද කරන නිර්මාණශීලීත්වය සහ දක්ෂතාවය මත බව අවධාරණය කරන ලදී.ආබාධිතභාවය යනු හුදෙක් කායික තත්ත්වයක් නොව, අපිරිසිදු සිතුවිලි, නීතිරීති සහ භෞතික බාධක මගින් සමාජය විසින්ම නිර්මාණය කරනු ලබන තත්ත්වයක් බවත් ආබාධිත පුද්ගලයන්ව අනුකම්පාවට හෝ විශේෂ වීරත්වයකට ලක් කරන “ලේබල්” වෙනුවට, ඔවුන්ට සමාන අවස්ථා සපයන මානුෂීය ලෝකයක් ගොඩනැගීමේ වැදගත්කම පෙන්වා දුනි. එමෙන්ම, මාධ්‍යවේදීන් සහ පොදු ජනයා වචන භාවිතයේදී වඩාත් සංවේදී විය යුතු බවත්, වෙනස්කම්වලට ගරු කරන ලෝකයක් සැමටම නිදහසේ ජීවත්වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කරන බවත් පවසන ලදී. Post navigation සියවසක බන්ධනාගාර ලේවැකි ඉතිහාසය. මහරින් ඇරඹී මීගමුවෙන් කෙළවර වූ සිරගෙවල් තුළ කැරලි සහ ඝාතන රැල්ල. පසුගිය මාස 08 තුළ පුද්ගලයින් 230,248 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන