රටම එකට ජාතික මෙහෙයුම. විශේෂ මාධ්‍ය සාකච්ඡාව අද (16) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රටම එකට ජාතික මෙහෙයුම – ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

⁣රටම එකට ජාතික මෙහෙයුම යට⁣තේ දෛනිකව සිදුකරන විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් පිලිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා සඳහන් කලේ, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා ශ්‍රී ලංකා රේගුවේ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ⁣මෙම වැටලීම් කටයුතු ඉතා කාර්යක්ෂමව සිදු කරන බවයි. ඒ අනුව, මෙම මාස 08 තුළ පුද්ගලයින් 230,248 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් වලදී නිවැරැදි පුද්ගලයන් නිකරුණේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන ලෙස කටයුතු කිරීමට පොලීසියේ අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා රේගූ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා අදහස් දක්වමින්, ශ්‍රී ලංකා රේගුව මෙම ජුලි මස තුළ ගුවන්තොටුපල හා තැපැල් මගින් ගෙන ආ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් 13 ක් සිදු කළ බව ප්‍රකාශ කළේය. ⁣ඉතා කුඩා ප්‍රමාණ වලින් නමුත් තැපැල් මගින් මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කිරීම තුළින් විශාල හානියක් සිදු කළ හැකි බැවින් එම කාර්යය වැළැක්වීමට අවශ්‍ය පියවර දැඩි කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *