Post Views: 139 හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාව අද (3) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාව නීති විරෝධී ලෙස නාවික හමුදාවට බඳවා ගැනීම සහ විදේශ පුහුණුවීම් ලබා දීම හරහා දූෂණය සිදු කිරීමේ චෝදනාව මතයි හිටපු නාවික හමුදාපතිවරයා අත් අඩංගුවට ගනු ලැබුවේ. 2006 වසරේදී යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ විධායක අංශයේ ශිෂ්‍ය නිලධාරියෙකු (Cadet Officer) ලෙස බඳවා ගැනීමේදී, ඔහුට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නොතිබූ බව පැවසේ. එසේ තිබියදීත්, ඔහුව බඳවා ගැනීමට හැකි වන පරිදි නාවික හමුදාවේ බඳවා ගැනීමේ පටිපාටිය සහ සුදුසුකම් විශේෂයෙන් වෙනස් කිරීමට එවකට නාවික හමුදාපතිවරයාව සිටි කරන්නාගොඩ මහතා කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව, බ්‍රිතාන්‍යයේ පිහිටි ප්‍රකට බ්‍රිටෑනියා රාජකීය නාවික විද්‍යාලයට (Britannia Royal Naval College) යෝෂිත රාජපක්ෂ මහතාව විදේශ පුහුණුව සඳහා යැවීමට සහ ඒ වෙනුවෙන් විශාල වශයෙන් රාජ්‍ය මුදල් වැය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණයට අදාලව අද උදෑසන අල්ලස් කොමිසම වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගත් අතර, පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත. මෙම සිදුවීමට අදාළව හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ ද පසුගිය මාසයේදී අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරිණි. Post navigation නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට උසස් කෙරේ