Post Views: 149 “හර් පාත්” (HerPath) වෛද්‍ය ආයතනයේ අධිපතිනී වෛද්‍ය ශාමා අත්තනායක මහත්මිය රචනා කළ ඇයගේ කුළුඳුල් නවකතාව වන “සංසාර ප්‍රාර්ථනා” එළිදැක්වීමේ උත්සවය ඊයේ (27) සවස කඩුවෙල රිවර් එජ් (Rivers edge) හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි. සිතුර මීඩීයා ප්‍රකාශනයක් ලෙස එළිදැක්වුණු මෙම කෘතිය මගින්, නව යොවුන් වියේ බොළඳ ප්‍රේමයෙන් එහා ගිය, අවබෝධය මත පදනම් වූ ආදරයක් පාඨකයාට සමීප කරන බව වෛද්‍ය අත්තනායක මහත්මිය එහිදී ප්‍රකාශ කළාය. ඇය මීට පෙර සිය වෘත්තියට අදාළව විවිධ අධ්‍යාපනික කෘතීන් පළ කර ඇති අතර, එයින් පරිබාහිරව මෙම නවකතාව හරහා සමාජයට තවත් ආදරණීය දැනුවත් බවක් ලබාදීමට ඇය උත්සාහ කර ඇත. මෙම පොත ඉදිරියේදී සියලුම පොත් අලෙවිසැල් වලින් මිලදී ගැනීමට හැකියාව පවතින බවද එහිදී වැඩිදුරටත් සඳහන් විය. වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස කටයුතු කරමින් සමාජයට වඩාත් පුළුල් මෙහෙවරක් ඉටුකිරීමේ අරමුණින් මානසික වෛද්‍ය උපදේශන ක්ෂේත්‍රය තෝරාගත් වෛද්‍ය ශාමා මහත්මිය, මානසික උපදේශනය සඳහා සිසුවියන් බිහිකිරීමට “හර් පාත්” නමින් අධ්‍යාපන ආයතනයක් ද ආරම්භ කර තිබේ. මෙම පොත් එළිදැක්වීමේ උත්සවයට සමගාමීව, එම ආයතනය යටතේ සායනික පුහුණුව ලද සිසු උපදේශිකාවන් සඳහා සහතිකපත් සහ සේවා ගිවිසුම් ප්‍රදානය කිරීම ද මෙදින සිදු කෙරුණි. (📸 Lakmal Jayabuddhi) Post navigation පාදුක්කේ රසාලිප්ත කවි මඩුව.