Post Views: 154 පසුගියදා (18) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස සිදුවූ සිදුවීමකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට තලංගම පොලීසිය කල කැඳවීමකට අනුව පොලිස් ස්ථානය වෙත ගිය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙඩ්රික් වුට්ලර් මහතා සඳහන් කලේ රාජ්‍ය නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු ඇතුළුවීම සහ තවත් චෝදනා මත මෙම අත් අඩංගුවට ගැනීම සිදුව ඇති බවත් ඔහුව කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ය. පසුගිය 19 වන දින රණවිරු සේවා අධිකාරිය මගින් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස දී පැවැත්වීමට සූදානම් කල 17 වන රණවිරු සැමරුම් උත්සවයේ පෙරහුරුවන් පැවැති අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි විමල් වීරවංශ මහතා ප්‍රමුඛ පිරිසක් රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීමට උත්සහාකල අවස්ථාවේදී පොලීසිය විසින් ඒ සදහා අවස්ථාව ලබානොදීම නිසා ඇතිවූ කලබලකාරී තත්වය තුල විමල් වීරවංශ මහතා බලහත්කාරීව ස්මාරක පරිශ්‍රයට ඇතුල්වීමට උත්සහාකල බවටත් ඒ අනුව අදාල චෝදනාවන්ට ලක්වීමේ කටයුතු කර ඇති බවටත් වාර්තාවේ. Post navigation පුත්තලම් දුම්රිය මාර්ගයේදී ගසක් කඩාවැටී දුම්රියකට හානී.