Post Views: 139 ගුණාත්මක මාධ්‍ය සාක්ෂරතාවයකින් යුත් පාසල් ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය භාර ගුරුභවතුන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවක් අද (15) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. නූතන මාධ්‍ය ප්‍රවණතා නිවැරදිව දරුවන් අතරට ගෙන යාම සඳහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය භාර ගුරුභවතුන් බලගැන්වීම මූලික අරමුණ කරගත් මෙම වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් ගුරුභවතුන් දැනුවත් කිරීම මෙදින සිදු කෙරුනු අතර ඵලදායි වැඩමුළුවක් පැවැත්වුනු බව සහභාගීවූ ගුරුවරුන් සදහන් කරන ලදී. මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර යන මහත්වරුන් ද එක්ව සිටියහ. Post navigation හිටපු ඇමති සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 මාස 6 ක සිර දඬුවම්.