Post Views: 147 හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරෙකු වන ජගත් සමන්ත මහතාට වසර පහයි මාස හයක සිර දඬුවම් නියම කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ජගත් සමන්ත මහතාට මෙම දඬුවම නියම වී ඇත්තේ 2007 වසරේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම සහ අයුතු ජනරාශිය යන චෝදනාවලට වැරදිකරු වීම හේතුවෙන්. සිර දඬුවමට අමතරව වින්දිත ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ දහයක (1,000,000) වන්දි මුදලක් ගෙවන ලෙස ද හලාවත මහාධිකරණය විසින් නියෝග කර ඇත. Post navigation 2026 මැයි මස 14 දින කාලගුණ තත්වය. WEATHER FORECAST FOR 14 MAY 2026