Post Views: 175 දැරියක් අපයෝජන කළැයි, චෝදනා එල්ල වී සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පිළිබඳව අද (09) අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි. 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට මෙම භික්ෂුවට චෝදනා එල්ලවී ඇති අතර මෙම සිද්ධියට සම්බන්ධ අදාල දැරියගේ මව අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෙම අපරාධයට ආධාර අනුබල දීම සහ දැරිය මුදලට විකිණීම යන චෝදනා මතයි. කෙසේ වෙතත් මුල් අවස්ථාවේදී, පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි අත් අඩංගුවට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් ලැබෙන තෙක් දැරියක් අපයෝජන කළැයි, චෝදනා එල්ල වී සිටින එකී චීවරධාරියාව අත් අඩංගුවට ගැනීමට කොන්දක් නොතිබූ සියල්ලන් දැන් වීරයන් සේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටී. ඇත්ත වශයෙන්ම මෙහිදී සිදුවන්නේ අදාල හිමිනම රෝහල්ගතව සිටින පෞද්ගලික රෝහලේ කාමරය අසල පොලිස් නිළධාරියෙකු රැඳවීමයි. මෙය සාමාන්‍ය පුද්ගලයෙකුට වූවානම් ඔහු රෝහල්ගතව සිටියත් ඔහුගේ අතකට එක් මාංචුවක් දමා අනික් මාංචුව ඔහු සිටින ඇඳට දමා ලොක් කරනු ලබයි. නමුත් ඉහල සම්බන්ධකම් සහිත අයවළුන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ මෙයට වඩා වෙනස් ආකාරයකටයි. ඔවුන් කොහේ හෝ අධි සුඛෝපභෝගී පෞද්ගලික රෝහලක සියළු පහසුකම් සහිත කාමරයක නේවාසික වනතෙක් පොලීසියට ඔවුන්ව සොයාගැනීමට හැකියාවක් නොලැබේ. විහිළු සහගත කරුන නම් පැය 24 ම පොලිස් ආරක්ෂාව සහිත පුද්ගලයන් පවා සොයා ගැනීමට පොලීසියට නොහකිවීමයි. මෙම තත්වය පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මෙරට ජනතාව මෙයට පෙර බොහෝ අවස්ථාවල අත්දැක තිබෙන බවත් පොලීසිය මෙවැනි ක්‍රියාවලින් නිරුවත් කරගන්නේ සිය නිළ ඇඳුමේ ගරුත්වය පමණක් නොව එය ඇඟලාගෙන සිටින සියල්ලන්ගේම ආත්මගරුත්වයයි. මෙම සිදුවීම සම්බන්ධව දිගින් දිගටම හඬ නැගුවේ මෙරට දරුවන් වෙනුවෙන් සැමවිටම එකහා සමානව පෙනී සිටින වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය ප්‍රමුඛ ලමාහිංසනයට තිත පදනම පමනකි. බොහෝ මාධ්‍ය නාලිකා මෙන්ම මාධ්‍යවේදීන් ද මේ සිදුවීමේදී මුණිවත රකිනු දක්නට ලැබුනි. මේ රටේ කුමන ආණ්ඩුවක් බලයට පැමිණියත් ධනය, බලය ඉදිරියේ නීතිය පවා ඔවුන්ට උවමනා ආකාරයට හසුරුවා ගන්නා බවට තවත් උදාහරණ කුමකටද… Post navigation මාලිමාවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි. අරවින්දගේ සාක්ෂිය අනුව කපිලට ඇත්තටම ඇපදුන්නේ කවුද…….