Post Views: 162 පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන කුරුණෑගම මහ නගර සභාවට තේරී පත්වූ ජාතික ජන බල වේගයේ නාගරීක මංත්‍රීවරයෙකු සිය මංත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී ඇත. මෙසේ ඉල්ල අස්වී ඇත්තේ කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතායි. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය මන්ත්‍රීවරයා විසින් මේ වන විට තමා වෙත භාරදී ඇති බව කුරුණෑගල නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු සඳහන් කර සිටියා. ජනතාව බලාපොරොත්තුවූ වංචා දූෂණ වලින් තොර පාලනයක් ඇතිකිරීමට පසුගිය කාලය පුරාම තමන් උත්සහා කල නමුත් ඒ සඳහා කැපවීමට අනිකුත් අයට අවශ්‍යතාවයක් නොමැති නිසා පවතින තත්වයේ කිසිදු වෙනසක් නොවීම තම ඉල්ලා අස්වීමට හේතුව බවත් හෙතෙම සඳහන් කර සිටී. එමෙන්ම සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් බී.ඩබ්. ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කරගැනීමට අපොහොසත් වීමත් අනවසර වෙළෙඳාම්, අනවසර ඉදිකිරීම්, අවිධිමත් ඉන්ධන භාවිතය, අවිධිමත් අතිකාල ගෙවීම්, සේවයට වාර්තා කර පිටව යාම, නගරය පිරිසිදුව පවත්වාගෙන යාමට නොහැකි වීම සහ තවත් විවිධ හේතුන් මත තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි. ප්‍රේමචන්ද්‍ර මහතා පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී කුරුණෑගල මහ නගර සභාව සඳහා අංක එක ගංගොඩ කොට්ඨාශයෙන් වැඩිම මනාප ලබාගනිමින් කුරුණෑගල මහ නගර සභාව සඳහා තේරී පත්ව තිබුණා. Post navigation කොල්ලුපිටියේදී වියට්නාම ජාතිකයින් 74ක් අත්අඩංගුවට. අටමස්ථානාධිපති කොළඹ පෞද්ගලික රෝහලකදී අත් අඩංගුවට ගනී.