Post Views: 150 වීසා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටිමින් මූල්‍ය වංචාවල නිරත වූ බවට සැකකෙරෙන විදේශිකයන් 74 දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය බදාදා (06) කොල්ලුපිටිය පොලිස් බලප්‍රදේශයේ උත්තරානන්ද මාවතේ පිහිටි නිවාස සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. එහිදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් වාර්තාවලට අනුව අත්අඩංගුවට ගත් සම්පූර්ණ පිරිස 74 දෙනෙකු (වියට්නාම ජාතිකයින්) වේ. ඔවුන් පිරිමි පුද්ගලයන් 41 ක් දෙනෙකුගෙන් සහ කාන්තාවන් 33 දෙනෙකුගෙන් සමන්විත අතර වයස් කාණ්ඩය අවුරුදු 19 ත් 39 ත් අතර වේ. මෙම අත් අඩංගුවට ගැනීම මෙසේ සිදුවෙත්දී දෙදින නිළ සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපතිවරයා අද (07) දිවයිනට පැමිණීමට නියමිතය. වියට්නාම ජනාධිපතිවරයාගේ දෙදින නිල සංචාරය සංචාරය අතරතුර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමටත් නියමිතය. Post navigation අපරාධ රැසකට සම්බන්ධ හොර දොස්තර පොළොන්නරුවේදී අල්ලයි. මාලිමාවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි.