අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන ව්‍යාජ වෛද්‍යවරයෙක් පොළොන්නරුවේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසනවා.

ඊයේ (05) රාත්‍රී කාලයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොළොන්නරුව දීප උයන අසලදී බවයි පොළොන්නරුව කොට්ඨාශ අපරාධ අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් 59 හැවිරිදි සැකකරු කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බොරැල්ල, නුවර, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් ස්ථාන මගින් මෙම සැකකරු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිට ඇති අතර, ඔහු වසර දෙකක කාලයක් බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙක් බවයි පොලිසිය පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම ව්‍යාජ වෛද්‍යවරයා ළඟ තිබී වෙද නලාවක්, වෛද්‍ය නිල ඇඳුමක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් ඇතුළු තවත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම තමන් හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රසූතිකාගාරයේ සේවය කරන වෛද්‍යවරයෙකු බවට පවසා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අද (06) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *