Post Views: 143 ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරියක් ලෙස සේවය කරන වෛද්‍යවරියක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ආයතනික නීතී කඩකරමින් යුද හමුදාවෙන් නිල අවසරයක් ලබා නොගෙන ඇය 2024 වසරේ මැයි මස 21 වැනි දින එක්සත් රාජධානිය වෙත ගොස් ඇත. වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන ඇයගේ සැමියා එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීම නිසා ඇයත් මෙසේ විදෙස්ගත ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ, කෙසේ වෙතත් ඇය විදෙස් ගතවීම සදහා සිය සේවා ස්ථානය වන යුධ හමුදාවෙන් අවසර නොගැනීම මත ඇය යලි මෙරටට පැමිණීමේදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය සම්බන්ධයෙන් වන ඉදිරි නීතිමය පියවර සහ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇයව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. Post navigation ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක් වේරහැරින් අල්ලයි. කොළඹ ප්‍රධාන බස් නැවතුම නවීකරණය කර විවෘතකිරීමෙන් පසු දිනම අපිරිසිදු කිරීමේ යථාර්තය.