Post Views: 154 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි මහජන සේවාවන් තාවකාලිකව සීමා කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. ඒ අනුව 2024 අප්‍රේල් 08 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන හා ප්‍රාදේශීය කාර්යාලවල සාමාන්‍ය සේවා කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත. කෙසේ වුවද අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් එක්දින සේවාව යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සලසා තිබේ. හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීම සහ පරිවර්තන සේවා වැනි අනෙකුත් කාර්යයන් ද තාවකාලිකව නතර කර ඇති බැවින් ඒ සඳහා විකල්ප ක්‍රමවේද අනුගමනය කරන ලෙස දෙපාර්තමේන්තුව සියළුම ආයතනවලින් ඉල්ලා සිටී. පද්ධතිය යාවත්කාලීන කළ වහාම සියලු සේවාවන් යථා තත්ත්වයට පත් කරන බවත්, සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව පළ කරන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටී. Post navigation රෙදිපිලි බහාලුමෙන් මතුවූ දුම්වැටි. ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක් වේරහැරින් අල්ලයි.