Post Views: 152 ඩුබායි රාජ්‍යයේ සිට බත්තරමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් ලිපිනයකට එවා තිබූ බහාලුමක් පරීක්ෂාවට ලක්කිරීමේදී ඒ තුල තිබී තිවිරෝධීව මෙරටට ගෙන්වූ විදෙස් දුම්වැටි 3,380,000ක් වැටලීමට ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සමත්ව තිබේ. මෙම බහාලුම 2025 වසරේ නොවැම්බර් මස දී ඩුබායි සිට මෙරටට එවා ඇති ඇති අතර එහි ලේඛනවල ‘ඇඳ ඇතිරිලි’ යැයි සඳහන්ව තිබී ඇත. මේ සම්බන්ධයෙන් රේගු නිළධාරීන්ට ඇතිවූ සැකය මත අදාල බහාලුම නිෂ්කාශනය නොකර පරීක්ෂාව සඳහා රඳවා ගෙන ඇත. එහිදී ඇඳ ඇතිරිලි කිහිපයක් අතර සඟවා තිබූ මෙම දුම්වැටි තොගය සොයා ගැනීමට හැකිවී ඇත. මෙම නීතිවිරෝධි දුම්වැටිවල වටිනාකම රුපියල් මිලියන 507 ක් වන අතර මෙලෙස දුම්වැටි ගෙන්වීමෙන් රජයට අහිමිවී ඇති බදු ආදායම රුපියල් මිලියන 460 ක් වන බව ශ්‍රී ලංකා රේගුව පැවසීය. Post navigation අධිවේගී මාර්ග වාහනවල ආසන පටි සවිකර ගැනීමට තවත් කල්දෙයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවා සීමා කිරීමේ නිවේදනය.